30.6 C
Colombo
Friday, June 5, 2026

නව වසර ආරම්භයේම උල්කාපාත වර්ෂාවක් සහ සුපිරි සඳක්

හෙට අලුයම 4ත් 5ත් අතර කාලය තුළ ඊසානදිග අහසේ උල්කා වර්ෂාවක් දර්ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසයි.

මෙය, මේ වසරේ දර්ශනය වීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂාවලින් එකක් වන බව සඳහන් වේ.  

මෙහිදී පැයකට උල්කා 80ක් පමණ දර්ශනය වන බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවා.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්නූ ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා,

“2026 නව වසරේ තාරකා විද්‍යාත්මක වශයෙන් වැදගත් සිදුවීම් කිහිපයක් තිබෙනවා. දැන් ජනවාරි මාසේ ගත්තොත් විශේෂයි. දැන් මේ සුපිරි හඳක් ගැන අපි කතා කරනවා බොහෝ දෙනෙක්. ඊට අමතරව ජනවාරි තුන, හතර, සෙනසුරාදා, ඉරිදා දවස්වල රාත්‍රී අහස බැලුවොත් ප්‍රධාන උල්කා වර්ෂාවලින් එකක් අපිට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳටම බලාගන්න නම් අලුයම, හතර, පහ, හය වගේ කාලය තුළ හතරයි, පහයි අතර මේ ඊසානදිග පැත්තට තමයි මේ මේවා එනවා අපේ උල්කා සාමාන්‍යයෙන් පැයකට අසූවක් විතර අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේක ඇවිල්ලා මේ ධූමකේතුවක හැදුණු කොටස් නෙමෙයි. මේ ග්‍රාහකයින් ආපු කොටස් වශයෙන් තමයි හඳුන්වන්නේ.”

“ඊළඟට අපි ගත්තොත් එහෙම ජනවාරි තුන තවත් විශේෂත්වයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ පොහොයවල් දොළහක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මාසෙට එකයිනේ. පෝයවල් දහතුනක් තියෙනවා. මැයි මාසේ දෙකක් තිබෙනවා. එතකොට මේ ජනවාරි මාසේ තියෙන්නේ එක පොහොයයි. ඒ පොහොය චන්ද්‍රයා අනිත් දිනවලට වැඩිය වැඩියෙන් දීප්තියක් පේනවා. ඒ නිසා බොහෝ අය කියන්නේ සුපිරි චන්ද්‍රයා කියලා. එතකොට සාමාන්‍යයෙන් වෙනදට දකිනවට වැඩිය සියයට දාහතරක් විතර ලොකුවටත්, සියයට තිහක් විතර දීප්තිමත්ව පෙනෙනවා. මේ ඒක පුරුදු කෙනෙකුට තමයි බලාගන්න පුළුවන්. ඉතින් මේ චන්ද්‍රයා පායනවත් එක්කම මේක බලන එක හුඟක් හොඳයි. චන්ද්‍රයා පෘථිවියට ඉතාම කිට්ටු වෙනවා. තුන්වෙනිදා, දවල් ලංකා වෙලාවෙන් දවල් තුනයි තිස් දෙකට. ඉතින් ඒ නිසා ඒ කිට්ටුවම තියෙන අවස්ථාවකදී ම් පුරහඳ ඇති වුනොත්, පොහොයක් ඇති උනොත් එතකොට මේ චන්ද්‍රයා ටිකක් ලොකුවට පේනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රයා පෘථිවිය වටේ. ගමන් කරන්නේ කිලෝමීටර් තුන්ලක්ෂ අසූ හතර දාහක විතර දුරකින්. ඉලිප්සාකාර මාර්ගයක. මේ ඉලිප්ශේ ළඟටම එන පෘතුවිය ළඟටම එන අවස්ථාවකදී මේ පුරහද ඇති වුණොත් එවිට මේක සුපිරි චන්ද්‍රයා දිස්වෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles