25 C
Colombo
Friday, June 5, 2026

වෙනිසියුලා අහස අමෙරිකානු ගුවන් යානාවලට තහනම්

වෙනිසියුලාව තුළ පවතින “සක්‍රීය මිලිටරි ක්‍රියාකාරකම්” හේතුවෙන් අමෙරිකානු වාණිජ ගුවන් සමාගම්වලට අයත් සියලුම යානා වෙනිසියුලා ගුවන් සීමාව භාවිත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) අද (03) තීරණය කර තිබෙනවා.

මෙම තහනම එරට වේලාවෙන් අලුයම 2.00ට ප්‍රකාශයට පත් කළ අතර, එය හෙට අලුයම දක්වා ක්‍රියාත්මක වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එසේම මෙම නියෝගය අදාළ වන්නේ අමෙරිකානු වාණිජ ගුවන් සමාගම්වලට පමණයි.

විදේශීය ගුවන් යානා හෝ හමුදා යානා සඳහා මෙය බලපෑමක් නොකරන බවට සඳහන්.

වෙනිසියුලා ගුවන් සීමාවට අමතරව, ඒ අසල පිහිටි කුරකාඕ (Curacao) දූපත් ආශ්‍රිත ගුවන් සීමාව ද භාවිත නොකරන ලෙස ගුවන් නියමුවන්ට උපදෙස් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද අලුයම වෙනිසියුලාවේ හමුදා කඳවුරු සහ රජයේ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බවයි.

වෙනිසියුලා නායක නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

මේ හේතුවෙන් වෙනිසියුලා රජය එරට හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

FAA ආයතනය සඳහන් කරන්නේ තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි තීරණ ගන්නා බවයි.

මේ වන විටත් වෙනිසියුලා ගුවන් සීමාව හරහා පියාසර කරන යානා සිය ගමන් මාර්ග වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles