රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අද ( 04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීම හේතුවෙන් මෙම වර්ජනය දිගටම පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද උදෑසන 8 සිට ඉදිරි පැය 24 සඳහාද වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට රෝහල් ශාඛා සංගමය තීරණය කර තිබෙනවා.
හෙට දිනයේදී ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බවද එම සංගමය සඳහන් කළා