29 C
Colombo
Tuesday, October 7, 2025

සැහැල්ලු මැදිරි තුනකින් යුත් දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීමට කැබිනට් අනුමැතිය

සැහැල්ලු මැදිරි 03කින් යුත් දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී තිබෙනවා.

ග්‍රාමීය මට්ටමින් ධාවනය කළ හැකි, ඩීසල් එන්ජිමකින් බලගැන්වෙන, විද්‍යුත් පාලන පද්ධතියක් සහ අනෙකුත් නවීන පහසුකම් සහිත, මැදිරි 03 කින් සමන්විත සැහැල්ලු දුම්රිය කට්ටල, පුත්තලම, මඩකලපුව සහ මිහින්තලේ වැනි ප්‍රදේශවල දුම්රිය මාර්ග සඳහා හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට හැකි වන පරිදි, මගීන් 200-240 ක පමණ ධාරිතාවක් සහ ප්‍රමාණවත් භාණ්ඩ ප්‍රවාහන ඉඩකඩක් සහිත මැදිරි 03කින් යුතු දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles