29 C
Colombo
Tuesday, October 7, 2025

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 60ක් ජීවිතක්ෂයට

උතුරුදිග නයිජීරියාවේ ගංගාවක මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.

එරට වාර්තා සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති බවය.

ගංගාවේ ගිලී තිබූ ගසක කොටසක ගැටී අනතුර සිදුව තිබූ අතර ඒ වන විටත් යාත්‍රාවේ ධාරිතාව ඉක්මවා සියයකට වැඩි මගීන් පිරිසක් එහි යාත්‍රා කරමින් සිට තිබුණි.

අනතුරින් මියගිය පිරිස අතර ළමුන්ද සිටින බව එරට වාර්තා සඳහන් කළේය.

එහිදී ගංගාවේ ගිලෙමින් සිටි කිහිප දෙනෙකු බේරා ගැනීමට බලධාරීන්ට හැකිව ඇති අතර අනතුරින් අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles