28 C
Colombo
Tuesday, October 7, 2025

ඇල්ල බස්රථ අනතුරෙන් මියගිය ගණන ඉහළට

ඊයේ (04) රාත්‍රියේ දී ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කිලෝමීටර් කණුව අසලදී සිදුවූ බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු 15 දෙනෙකු මිය ගොස් ඇත.

මිය ගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරුද සිටින බවට බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කරයි. 

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණා. 

ඊයේ රාත්‍රී 09.00ට පමණ ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ජිප් රථයක හා මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා.

අනතුරට පත් බස් රථයේ රියදුරු සමඟ බස් රථයේ මගීන් 35 දෙනෙකු ගමන් කර ඇති අතර මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles