ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ බස් අනතුරෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් දෙකක් යොදවා තිබෙනවා.
එලෙස දියත් කරන ලද්දේ දියතලාවෙන් ගුවන් හමුදා නියමු පුහුණු පාසලෙන් හි එම්අයි-17 යානයක් සහ වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 412 හෙලිකොප්ටර් යානයක් බවයි ගුවන් හමුදාව පැවසුවේ.
හදිසි රෝගීන් කොළඹට ගෙනඒමට හෝ වෙනත් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා තවදුරටත් මෙම හෙලිකොප්ටර් සූදානම් බව ගුවන් හමුදාව පවසනවා.