27 C
Colombo
Tuesday, October 7, 2025

රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට

කහතුඩුව පොලිසිය ජනප්‍රිය රැප් ගායකයෙකු වන ‘ශාන් පුතා’ අත්අඩංගුවට ගත් ගෙන ඇත.

ඒ ජනප්‍රිය රැප් ගායන ශිල්පි මාදව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැමැත්තාට පුපුරන ද්‍රව්‍ය තොගයක් ලබාදුන් බව කියන සිද්ධියකට අදාළවයි.

සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවට පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 02 වෙනිදා මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නමැති රැප් ගායන ශිල්පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

මෙම සැකකාර රැප් ගායකයා ඉකුත් අගෝස්තු මස 25 වැනි දින ද කහතුඩුව මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේදී ව්‍යාජ පිස්තෝලයක් සමග පොලිස් අත්අඩංගුවට පත් වූ අතර කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණා.

සැකකාර රැප් ගායකයා පදිංචි තවත් නිවසක් වන පිටිපන ගලහේන ප්‍රදේශයේ නිවස පිටුපස පුපුරන ද්‍රව්‍ය තොගයක් වලදමා ඇති බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබුණා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි මීට මාස කීපයකට ඉහතදී කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරා ගැනීම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා, ශාන් පුතා නැමැති රැප් ගායකයා සමග පැමිණ තමන්ට මෙම පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගැනීම සඳහා ලබා දුන් බවට අනාවරණය කළ තොරතුරු අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles