බස්නාහිරි උතුර කොට්ඨාසයේ ASP රොහාන් ඕලූගල සහ පොලිස් පරික්ෂණ ලින්ටන් සිල්වාට හට ලැබුණු තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනයට ගෙනා කන්ටේනර් දෙකක් හමු ව තිබේ.
බැකෝ සමන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිමේ ඔස්සේ මෙය අනාවරණය වී ඇති අතර අයිස් නිෂ්පාදනයට ගෙන ආ රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක සොයා මිද්දෙණිය තලාව ප්‍රදේශය වටලා පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබේ.
කෙසේ නමුත් අදාල වැටලීමේ සිදු කිරිමේ එම ඉඩමේ කන්ටේනර් දෙකක් නොමැති බව අනාවරණය විය.නමුත් එම ස්ථානයේ සිටි නිළධාරීන්ගේ සූක්ෂමතාවය නිසා අවට සිසීටීවි දර්ශන පරික්ෂා කිරිමේදී අදාල භූමියෙන් අත්ට්‍රැක්ටර් මගින් ද්‍රව්‍ය රැගෙන යන බව නිරික්ෂණය වී තිබේ.ඒ අනූව එම භූමියේ කන්ටේනර් වළදා තිබියදී අනාවරණය කර ගැනීමට සමත් වී තිබේ.
ඊයේ රාත්‍රියේ භූමිය විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැද හැරීම සිදු කළ අතර එම අවස්ථාවේ අයිස් සැදීමට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය කිලෝ 50,000ක් සොයා ගනු ලැබීය.
මේ අතර මෙම ඉඩම මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට අයිති ඉඩමක් බව අනාවරණය වී තිබෙන අතර ඔහු හිටපු ප්‍රබලයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.