පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් N99 වර්ගයේ පිත්තෝල ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.
කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයක වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වැදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට අමතරව පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.