ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පෙරේදා (04) රාත්‍රියේ සිදුවූ බිහිසුණු බස් අනතුරින් මියගිය පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තංගල්ල නගර ශාලාව වෙත ගොස් තිබෙනවා.
අනතුරින් දිවි අහිමිවූවන්ගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට තංගල්ල නගර ශාලාවේ තැන්පත් කර ඇති අතර ගරුතර මහා සංඝරත්නය, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් මහතා ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටිනවා.
තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් මෙම බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි වූවා.
අනතුරින් මියගිය පිරිස අතරට තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද ඇතුළත්.