25 C
Colombo
Friday, June 5, 2026

ස්විට්සර්ලන්තයට පැමිණි අගමැති හරිනිට උණුසුම් පිළිගැනීමක්

ස්විට්ස­ර්ල­න්තයේ ඩාවොස් ක්ලෝස්ටර්ස් හිදී පැවැ­ත්වෙන ලෝක ආර්ථික සංස­දයේ 56 වැනි වාර්ෂික රැස්වී­මට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වීම සඳහා අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය ඇතුළු පිරිසව එරට Zurich ගුවන්තොටුපලේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය විසින් පිළිගනු ලැබීය.

ඊයේ (19) සිට ආරම්භ වු මේ රැස්වීම ‘A Spirit of Dialogue’ තේමා­වෙන් මේ 23 දා දක්වා දින 5ක් පැවැ­ත්වෙයි. රාජ්‍ය නාය­ක­යන් ප්‍රමුඛ බහු­ජා­තික සමා­ග­ම්වල ප්‍රධාන විධා­යක නිල­ධා­රීන්, ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් සහ තාක්ෂණ නවෝ­ත්පා­ද­ක­යන් ඇතුළු ගෝලීය නාය­ක­යන් 3,000කට අධික සංඛ්‍යා­වක් මෙයට සහ­භාගී වේ.

මෙම සංචා­රය අත­ර­තුර, අග­මැ­ති­ව­රිය සහ ජාත්‍ය­න්තර නාය­ක­යන්, ගෝලීය ආය­තන ප්‍රධා­නීන් සහ අනෙ­කුත් සම්භා­ව­නීය අමු­ත්තන් අතර ඉහළ මට්ටමේ ද්විපා­ර්ශ්වික සාකච්ඡා මාලා­වක් පැවැ­ත්වී­මට නිය­මි­තය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles