25 C
Colombo
Friday, June 5, 2026

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

කොළඹ වරාය නගරය  ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත්  කෙටුම්පත  සඳහා  ඊයේ (20) දින සිය සහතිකය සටහන් කළ  බව  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මෙම  පනත් කෙටුම්පත 2025.12.05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026.01.07 වන දින  විවාදයට ගෙන  පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී .

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත, 2021 අංක 11 දරන මුල් පනත සංශෝධනය කිරීමේ අරමුණින් ගෙනන ලද අතර, එහිදී  අක්වෙරළ බැංකු කටයුතු සහ බදු අනුකූලතාවය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණය වැඩිදියුණු කිරීමටත්, උපාය මාර්ගික වැදගත්කමේ ව්‍යාපාර (BSI) සඳහා වන නිර්ණායක තවදුරටත් සංශෝධනය කර පැහැදිලි කිරීම  අරමුණු කර ඇත .

මෙම සංශෝධ පනත මගින් කලාපය තුළ මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා වඩාත් දැඩි අධීක්ෂණයක් හඳුන්වා දෙන අතර, විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අක්වෙරළ බැංකු කටයුතු නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ලබාදීම  සිදුවේ. තවද  මෙම පනත මගින් වරාය නගරයේ ආර්ථික රාමුව ගෝලීය බැංකු අවශ්‍යතා සහ ජාතික මූල්‍ය ස්ථායිත්ව ඉලක්ක සමඟ සමපාත  කරනු ඇත .

ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත , 2026 අංක 01 දරන  කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles