කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද(23) වාර්තා කළා.
අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,956.51ක් ලෙසින් සටහන් වී තිබෙනවා .
සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 142.74ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළා.
මේ අතර එස් ඇන්ඩ් පී එස්එල් ටුවෙන්ටි දර්ශකයද අද ඒකක 6,649.50 ක අගයක් වාර්තා කළා.
ඒ ඒකක 31.65ක වර්ධනයත් සමගිනුයි
අද දින රු. බිලියන 10.5 ක පිරිවැටුමක් වාර්තා කිරීම ද විශේෂත්වයක්.

