සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (07) සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 191 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tadiwanashe Marumani ලකුණු 51 ක් හා නායක Sikandar Raza ලකුණු 28 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂාන් හේමන්ත කඩුලු 3 ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 33 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 30 ක් හා නොදැවී පන්දුවට පහරදුන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 46 ක් හා කමිල් මිෂාර සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 73 ක් ලබාගත්තා.
ඒ අනුව තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.