30 C
Colombo
Tuesday, October 7, 2025

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය, නාගරික ඒකාබද්ධ සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන සියයක මූල්‍යාධාරක් ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් හිමිව තිබේ.

ග්‍රාමීය, නාගරික  ඒකාබද්ධ සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දිමේ ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර ලබාදීමට අදාළ ගිවිසුමට අත්සන් තැබිණී.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකු සමුහයේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රදේශවල කෘෂි  ආහාර නිෂ්පාදකයින්ගේ ඵලදායීතාව වෙළෙඳපොළ ප්‍රවේශය සහ දේශගුණික ඔරොත්තු දිමේ හැකියාව ඉහළ නැංවිම සිදුකිරීමට අරමුණූ කොටගෙන ඇත.

සමස්ත ව්‍යාපෘතියේ පිරිවැය ඇමෙරිකා ඩොලර් මිලියන 120ක් වන අතර ඉන් ඩොලර් මිලියන 100ක් ලෝක බැංකුව ලබාදෙයි.

ඩොලර් මිලියන තුනක් දේශිය අරමුදල් යටතේ යොදවන අතර ප්‍රතිලාභී දායකත්වය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 17ක ආයෝජනයක් අපේක්ෂා කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles