30.6 C
Colombo
Friday, June 5, 2026

කොරියානු පොප් සංගීත කණ්ඩායමක් කටුනායකට

ශ්‍රී ලංකාව තුළ ප්‍රථමවරට කොරියානු පොප් සංගීත ප්‍රසංගයක් ( Korean Pop Music ) පැවැත්වීම සඳහා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ” Seet – ch ” සංගීත කණ්ඩායම 02/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.

දස දෙනෙකුගෙන් යුතු මෙම දකුණු කොරියානු සංගීත කණ්ඩායම , එළඹෙන 02/07 දින කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන කොරියානු සංස්කෘතික ප්‍රදර්ශන සහ සැණකෙළියේ දී සිය ප්‍රසංගය ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඔවුන් 02/04 දින පස්වරු 04.50 ට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles