2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අනිද්දා දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව, මෙලෙස රුපියල් එකොලොස් බිලියන දෙසිය එක් මිලියන හයසිය හතළිස් හත්දහසක මුදලක් බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.
ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ දොළොස්දහස් පන්සිය හැත්තෑහතරකට එලෙස ප්‍රතිලාභී දීමනාව හිමිවන බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කළේ.