ඊයේ (12) නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව එළැඹෙන වසරේ මාර්තු 21වනදා නේපාල පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය.
මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.