29 C
Colombo
Tuesday, October 7, 2025

වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ  පුළුල් විමර්ශනයකින් අනතුරුව වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා වන රවීන්ද්‍ර බණ්ඩාර මහතා ඇතුලු දෙදෙනෙකු අත් අඩගුවට ගෙන තිබේ.

ඒ, නීති විරෝධීව ජීප් රථ දෙකක් ආනයනය කර, ව්‍යාජව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වේ.

සැකකරුවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස්  කරමින් එම ලියාපදිංචි කිරීම් සිදුකර ඇති අතර ඊට දෙපාර්තමේන්තු සේවකයෙකුගේද සහාය ලැබී ඇති බව පොලීසිය සදහන් කරන ලදි.

අත් අඩගංගුවට ගත් වත්තේගම නගර සභාවේ හිටපු සභාපති ලෙස කටයුතු කල රවීන්ද්‍ර බණ්ඩාර මහතා 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වුණි.

අත් අඩගුවට ගත් අනෙක් සැකකරු හිටපු රාජ්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමග සමීපව කටයුතු කළ බව කියන ලක්ෂිත මනෝජ් වීරබාහු යන අයයි.

පොලිස් භාරයට ගත් ජීප් රථ දෙක ඉදිරි විමර්ශන සදහා මැණික්හින්න පොලිසියට රැගෙන විත් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles