තමන්ට 2009 වසරේ සිට මේ දක්වා වසර ගණනාවක සිට අපේක්ෂාවෙන් සිටි උසස්වීම් නොලැබීමෙන් පොලිස් සැරයන්වරු සහ පොලිස් කොස්තාපල්වරු සේවය කෙරෙහි දැඩි කලකිරීමෙන් පසුවන බව දිවයින පුවත්පත වාර්තා කරනවා.
ඒ අනුව උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණ 2014, 2016 සහ 2018 යන වසරවලදී පවත්වා ඇත. උසස් වීම නොදෙන නිසා 2009 වසරේ සිට පොලිස් සැරයන් තනතුරේ සේවය කරන හාරසිය අනූදෙදෙනකුට වසර 16ක් ම එම තනතුරේ සේවය කිරීමට සිදුවී ඇත.
2009 වසර දක්වා පොලිස් කොස්තාපල් තනතුරේ සේවයේ නියුතු පන්දහසකට වැඩි පිරිසක්ද උසස්වීම් අහිමිවීමෙන් පොලිස් සේවය කෙරෙහි දැඩි කලකිරීමෙන් පසුවෙති.