29 C
Colombo
Tuesday, October 7, 2025

මිද්දෙණියෙන් සොයා ගත් රසායනික ද්‍රව්‍ය, අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා ඒවා බවට තහවුරු වෙයි

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පරික්ෂණ වාර්තාවෙන් මිද්දේණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගය, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා ඒවා බව, තහවුරු වී තිබේ.

මෙම වාර්තාව පසුගිය සිකුරාදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දුන් බව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කළේ ය.

නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශවලින් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොග ද, පරීක්ෂා කරමින් ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කළේය

ඊට අදාළ වාර්තා ද, ලබන සතියේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතයි.

මිද්දෙණිය ඉඩමක වළ දමා තිබියදී පසුගිය 5 වැනිදා අදාළ රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනුණි.

ඒ, රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදීයී.

අනතුරුව නොටොල්පිටිය සහ කඳාන ප්‍රදේශවලින් ද, එවැනිම රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles