ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, මීරිගම, බැලුම්මහර, යක්කල, නිට්ටඹුව, කටාන, ජාඇල, පල්ලෙවෙල, වේයන්ගොඩ, දොම්පේ, කැලණිය හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී හදිසි වාහන පරික්ෂාවක් සිදු කර ඇත.
එහිදී වාහන 500ක් පරීක්ෂාවට ලක්කෙරුණු අතර එයින් 300ක්ම දෝෂ සහිත බවට හදුනා ගෙන ඇත.
මාර්ග අනතුරු අවම කිරිමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය හා පොලිසිය එක්ව මෙම වාහන සෝදිසි කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
පොදු ප්‍රවාහනයට සම්බන්ධ බස් රථ, ලොරි, ත්‍රී රෝද රථ හා බර වාහන ආදිය ද අහඹු ලෙස පරීක්ෂාවට ලක්කර තිබේ.
දෝෂ සහිත වාහන දින 10ක් ඇතුලත අලුත්වැඩියා කර යළි ඉදිරිපත් කරන ලෙසට රියදුරන්ට දැනුම්දී ඇත.
මෙහිදි රියදුරු බලපත්‍ර නොමැති හා මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන්ට පොලිසිය දඩ කොළ නිකුත් කරන ලදි.

