ලබන 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආක්‍රමණික විසිතුරු මත්ස්‍යයින් හතරදෙනෙකු විකිණීම තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි.
පිරානා , නයිස් ෆිෂ් , ඇලිගේටර් ගාර් සහ රෙඩ් ලයින් ස්නෙක් හෙඩ් යන විසිතුරු මත්ස්‍යයින් ආක්‍රමණික මත්ස්‍යයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
පරිසරයට සහ දේශීය මත්ස්‍යයින්ට සිදුවන හානිය වැළැක්වීම අරමුණු කර ගනිමින් ධීවර අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබෙනවා.