29 C
Colombo
Tuesday, October 7, 2025

මෙරට ආර්ථිකය 4.9% ක ධනාත්මක වර්ධනයක් වාර්තා කරයි

2025 දෙවන කාර්තුව වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය 4.9% ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී ඇත.

ඒ අනුව කෘෂිකාර්මික ආර්ථික කටයුතු , කර්මාන්ත ආර්ථික කටයුතු , සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 2.0% , 5.8 % ක් සහ 3.9 ක වර්ධනයන් පෙන්නුම් කර තිබේ.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරන බවයි සඳහන් වේ.

වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්, ‘වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම’, ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය’, ‘මූල්‍ය සේවා කටයුතු’, ‘රක්ෂණ සේවා කටයුතු’ මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව තිබේ.

තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන ‘ඉදිකිරීම්’ සහ ‘පතල් හා කැණීම්’ 2025 දෙවන කාර්තුවේ දී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර ඇති බවයි සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles