29 C
Colombo
Wednesday, October 8, 2025

ලංවිම අද හා හෙට ලෙඩ වෙනවා

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් අද (17) සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ තිබෙනවා.

ඒ ඔවුන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ දෙවන අදියරය ලෙසයි.

තවද අද දිනයේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට විදුලි සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමටද නියමිතයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද විදුලි වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

විදුලි වෘත්තිය සමිති කියා සිටියේ බිඳ වැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදු කරන බවයි.

විදුලි වෘත්තීය සමිති ඒකාබද්ධව ගත් තීරණයට අනුව අද සහ හෙට මණ්ඩලයේ ඉංජිනේරුවරුන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු සියලු සේවකයන් කොටස් දෙකකට බෙදී ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි පැවසෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles