29 C
Colombo
Wednesday, October 8, 2025

දියවඩන නිලමේ ධුරය ගැන මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කරමින් මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයක් බව එම නිවේදනයේ සඳහන්. 

1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කරගැනීම සිදු කෙරෙන බවත් වර්තමාන දියඩවන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී ඇති බැවින් අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කරගැනිමේ කටයුතු සිදු කරමින් පවතින බව නිවේදනයෙන් පෙන්වා දෙනවා.

තවද මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තමන් සහයෝගය දක්වන අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණක් බවයි.

ඇතැම් සංවිධාන හා පුද්ගලයින් දියවඩන නිළමේ තනතුර ඇතුලු සිද්ධස්ථාන හා සබැදි චාරිත්‍රයන් සම්බන්ධයෙන් සෘණාත්මක හා වෛරිආකල්ප ව්‍යාප්ත කරමින් සමාජ අසමගිය ඇති කිරිමට අනවශ්‍ය සංවාද ඇති කිරිම දක්නට ලැබෙන බව එම නිවේදනයේ සඳහන් වනවා.

තවද මහා නාහිමිවරුන් විසින් දියවඩන නිලමේ තනතුරෙහි තිබෙන වඟකිම් සහගත බාවයද සිය නිවේදනය මඟින් පෙන්වා දි තිබෙනවා.

ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් දළදා වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධයෙන්‍ භාරදුර වඟකිම් පැවරෙන දියවඩන නිලමේ තනතුර ජාතික වශයෙන් නොව ජාත්‍යන්තර ලෙස බෞද්ධ ප්‍රබෝදය උදෙසා කටයුතු කිරිම යුගයේ අවශ්‍යතාවක් බව පෙන්වා දෙනවා.

අදාල නිවේදනය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles