28 C
Colombo
Wednesday, October 8, 2025

මහින්ද පෙර රජ දවස සිහිපත් කරයි

මහා සංඝරත්නයේ ඇසුර නිරන්තරයෙන් ලැබීම තමාගේ භාග්‍යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට ෆේස්බුක් සටහනක් තබමිනි.

රාජපක්ෂ මහතා මෙසේද කියයි.

රුහුණ යනු අප රටේ ආගමික, දේශපාලනික සහ සමාජීය ක්ෂේත්‍රයට බලපෑමක් කළ ප්‍රදේශයකි. අතීතයේ රුහුණ යනු බලය වර්ධන කර ගැනීමේ හා සටන් සංවිධාන කිරීමේ කේන්ද්‍රස්ථානයකි. අනුරාධපුර රාජධානිය සතුරු ආක්‍රමණිකයන් යටතේ පැවති කාලයේ ස්වදේශික නායකයින් ආරක්ෂාව ලැබුවේ මේ රුහුණු පුරවරයේය. ක්‍රමිකව විමසා බලන කළ රුහුණ අතීතයේ සිටම භික්ෂූන් වහන්සේගේත්, විහාරාම වලත් තෝතැන්නකි. ශ්‍රී ලාංකීය සමාජ සැකැස්මේ හරය වන්නේ ද මෙම විහාරස්ථාන සහ මහ සංඝරත්නයයි. එවන් මහ සංඝරත්නයේ ඇසුරත් ආශිර්වාදයත් නිරන්තරයෙන් ලැබීමට හැකි වීම මා ලද භාග්‍යයකි.

කාල්ටන් නිවසට වැඩමවමින් සුව දුක් විමසා මා හට ආශිර්වාද කළ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා වන, බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලත් පුදබිමක් ලෙස සැළකෙන තිස්සමහාරාම රජ මහා විහාර නායක හාමුදුරුවන් වහන්සේ, අනුරාධපුර මුල් යුගය දක්වා දිවෙන ඓතිහාසික රුහුණු මාගම් පත්තුවේ වගේගොඩ පුරාණ රන්කොත්මළු රජමහා විහාරයෙහි නායක ස්වාමීන් වහන්සේ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ මෙන්ම ඓතිහාසික බලංගොඩ කූරගල රජමහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ, සූසැට විහාරයන්ගෙන් එකක් බවට ජනප්‍රවාදයේ පවතින ඓතිහාසික කදුරුපොකුණ පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, දුටුගැමුණු කුමාරයා විසින් යුද පුහුණු කළ කඳවුරක් වශයෙන් භාවිතා කළ ඓතිහාසික කසාගල රජමහා විහාරයෙහි විහාරාධිපති හිමියන් වහන්සේ, මා නිරන්තයෙන් ඇසුරු කරන ගමේ පන්සල වන පාලටුව විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාර පූර්වක ගෞරවණීය ස්තුතිය පිරිනමමි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles