25 C
Colombo
Friday, June 5, 2026

මුදල් විශුද්ධීකරණයට අදාළව සැකකාරියක් අත්අඩංගුවට

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකාරියක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය ඊයේ (15) දින සවස්කාලයේදී මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 66ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

2019 වසරේ සිට 2023 වසර දක්වා වූ කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එමගින් උපයා ගන්නා ලද මුදලින් දෙමහල් නිවසක්, කඩකාමර 05කින් යුත් නිවසක්, මෝටර් රථයක් හා රන් පවුම් 360කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් උපයාගෙන ඉන් රන් භාණ්ඩ උකස් කර පසුව විකුණා ඇති බවට ලද පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මෙම පැමිණිල්ලට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉහත නිවාස 02 හා මෝටර් රථය සම්බන්ධයෙන් මන්නාරම මහාධිකරණයේ නඩු පවරා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග ලබා ගෙන එම නියෝග තහවුරු කර දීර්ඝ කිරීම් සිදුකරමින් පවතී.

මෙම රන් භාණ්ඩ සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී ඉහත සැකකරුගේ බිරිඳගේ මව විසින් මූල්‍ය ආයතන කිහිපයක රන් භාණ්ඩ උකස් කර පසුව මන්නාරම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැල් කිහිපයකට එම රන් භාණ්ඩ විකිණීම් සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව ඉහත සැකකරු විසින් නීති විරෝධීව ක්‍රියාකාරකම් මගින් උපයාගන්නා ලද රන් භාණ්ඩ බව දනිමින්ම උකස් කිරීම් හා විකිණීම් සිදුකරමින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ගැනෙන වරදවල් සිදුකිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීමට අදාළව සැකකරුගේ බිරිඳගේ මව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධය නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles