උද්ගතව පවතින වාතාවරණය හමුවේ රාජ්‍ය සේවකයින් නිවසේ සිට දෛනික රාජකාරී කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ. එච්.එම්.එච්. අබයරත්න ප්‍රකාශ කරනවා.
පවතින තත්ත්වය අනුව රාජ්‍ය ආයතන ඇතුළු ආයතනවල දෛනික රාජකාරී කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් අදාල පාර්ශව සහ බලධාරීන් සමඟ ආණ්ඩුව සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
කෙසේ නමුත් මේ දක්වා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
දැනටත් එම සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත් පසුව ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

