29 C
Colombo
Tuesday, October 7, 2025

ඇල්ල බස්රථ අනතුරේදී දිවි පරදුවට තබා ජීවිත බේරාගත් හමුදා සෙබළාට විශේෂ ඇගයීමක්

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසළ 2025 සැප්තැම්බර් මස 04 දින සන්ධ්‍යාවේ සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දක්වමින් එහි ගමන් ගත් මගීන් තිදෙනෙකු බේරා ගැනීම සඳහා කටයුතු කළ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාර කොමිෂන් නොලත් නිලධාරිගේ එම නිර්භීත ක්‍රියාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් 2025 සැප්තැම්බර් මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ඇගයීමට ලක්කරන ලදී.

රාජකාරියෙන් බැහැරව නිවාඩු ලබාසිටියදී වුවද එම ජීවිත ගලවා ගැනීමේ කටයුතු වල යෙදී සිටියදී ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වුවද ඒ ගැන නොතකා සිදුකරනු ලැබූ එම නිර්භීත ක්‍රියාව අගය කල යුද්ධ හමුදාධිපතිතුමන් ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර වෙත මූල්‍යමය පරිත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles