28 C
Colombo
Tuesday, October 7, 2025

ලංගමයට කාන්තා රියැදුරන් සහ කොන්දොස්තරවරියන්

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවයට ඉදිරියේ දී කාන්තා රියදුරන් සහ කොන්දොස්තරවරියන් බඳවා ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ(16) පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.

මරියානා ආගාධයටත් වඩා ලංගමය මේ වන විට පහළට වැටී ඇති බවත් මේ රටේ ලංගම විනාශ කළෙත් දේශපාලඥයින් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකාවේ ලංගම ඩිපෝ අඩුපාඩුවලින් අඩුවක් නොමැති මිහිපිට අපායක් යැයිද කී අමාත්‍යවරයා මේ වන විට බස් ඩිපෝ 25ක් නවීකරණය කිරීමට කටයුතු කර ඇති බව කියා සිටියේය.

වර්ථමානය වන විට ලංගම සේවක හිඟයට පිළියම් වශයෙන් රියදුරන් හා කොන්දොස්තරවරු 750 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන අතර ලංගම නැවත ගොඩදමා ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බවද ඇමතිවරයා පවසා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles