30.6 C
Colombo
Friday, June 5, 2026

ප්‍රකට ක්‍රියාදාම නළු චක් නොරිස් අභාවප්‍රාප්ත වෙයි

ලොව පුරා අතිශය ජනප්‍රිය සටන් කලා ශිල්පියෙකු සහ හොලිවුඩ් ක්‍රියාදාම සිනමා නළුවෙකු වන චක් නොරිස් (Chuck Norris) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 86 වැනි වියේ පසුවුණා.

ගනයට පිවිසීමට පෙර ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ සේවය කළ අයෙකු වන අතර පසුව ‘Tang Soo Do’ වැනි සටන් කලාවන්හි කළු පටි හිමිකරුවෙකු සහ ලෝක කරාතේ ශූරයෙකු ලෙස නමක් දිනා ගත් අයෙක්.

1972 වසරේදී බෲස් ලී සමඟ “Way of the Dragon” චිත්‍රපටයේ රඟපෑ සටන් ජවනිකාව ඔහු ජාත්‍යන්තර තලයේ ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වුණා.

“Missing in Action”, “The Delta Force” වැනි සිනමා පට සහ “Walker, Texas Ranger” වැනි රූපවාහිනී කතා මාලා හරහා ඔහු ලෝකපූජිත වූ අතර, ඔහුගේ පරාජය කළ නොහැකි ස්වරූපය සහ ශක්තිය පාදක කරගනිමින් නිර්මාණය වූ “Chuck Norris Facts” නැමති විහිළු තහළු (Memes) අන්තර්ජාලය තුළ වසර ගණනාවක් පුරා අතිශය ජනප්‍රිය වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,900SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles