30.6 C
Colombo
Friday, June 5, 2026

ජනපතිගේ රාමසාන් දින පණිවිඩය

අදට (21) යෙදී තිබෙන රාමසාන් දිනය වෙනුවෙන් “රාමසාන් සමය යනු ලෝකයට ජීවනාදර්ශයෙන් මනුෂ්‍යත්වයේ පාඩම සහ සහෝදරත්වය කියාදෙන සැමරුමක්” ලෙස තමා විශ්වාස කරන බවට පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසයි.

රාමසාන් සැමරුම සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් මානුෂීය සහ සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන්නක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කම බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මෙවර රාමසාන් උත්සවය සමරන්නට සිදුව ඇත්තේ සමස්ත ලෝකයම දුෂ්කර සහ අභියෝගකාරී තත්ත්වයකට මුහුණදී සිටින අවස්ථාවක වන බැවින් මෙම තත්ත්වය කඩිනමින් පහව ගොස් සියලුදෙනා අපේක්ෂා කරන, සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ නිදහස සුරැකෙන, සාමය, සෞභාග්‍යය රැඳෙන සහජීවී ලෝකය බිහි වේවායි ප්‍රාර්ථනා කර බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles