ඉරානය විසින් දියාගෝ ගාර්ෂියා (Diego Garcia) දූපත වෙත බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා කඳවුරු පිහිටි චාගෝස් දූපත් සමූහයේ (Chagos Islands) පිහිටි මෙම මධ්‍යස්ථානය වෙත ඉරාන පාලනය විසින් මධ්‍යම දුර විහිදුම් රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අමෙරිකානු නිලධාරීන් ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (The Wall Street Joual) පුවත්පතට පවසා ඇත්තේ, එම මිසයිල දෙකෙන් එකක්වත් කඳවුරට පතිත නොවූ බවයි.
එක් මිසයිලයක් යැවූ සැණින් අමෙරිකානු යුද නෞකාවක් මගින් විනාශ කර ඇති අතර, අනෙක් මිසයිලය ගුවනේදී අක්‍රිය වී ඇති බව සඳහන්.
බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරුවල සිට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාවට අවසර දීමෙන් බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත අවදානමට ලක් කරන බවට ඉරානය බ්‍රිතාන්‍ය අගමැතිවරයාට අනතුරු ඇඟවීමෙන් පසුවයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
දියාගෝ ගාර්ෂියා පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ වන අතර, එය ඉරානයේ සිට සැතපුම් 2,500ක් (කිලෝමීටර් 4,000ක්) පමණ දුරින් පිහිටා තිබෙනවා.
ඉරානය සතුව මෙතරම් දුරකට විහිදිය හැකි මිසයිල පවතින බව මීට පෙර දැන සිටියේ නැති බවයි නිලධාරීන් වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා ඇත්තේ.
ශ්‍රීමත් කීර් ස්ටාර්මර් විසින් චාගෝස් දූපත් වල ස්වෛරීභාවය මුරුසියට පැවරීමට සාකච්ඡා කරමින් සිටියද, ගිවිසුමේ කොන්දේසි අනුව දියෙගෝ ගාර්ෂියා අමෙරිකානු-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ කඳවුරක් ලෙස දිගටම පවතිනු ඇති.

