25 C
Colombo
Friday, June 5, 2026

ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්විණ.

එහිදී මැදපෙරදිග යුද තත්වය හමුවේ ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදයත් එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට හා ආර්ථිකයට කරන බලපෑමත් පිළිබඳව සාකච්ඡා කළ ජනාධිපතිවරයා එයට මුහුණ දීම සඳහා මේ වන විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ නායකයින්ට පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles