සේරුනුවර ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,820ක් සන්තකයේ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර වයස අවුරුදු 41ක් වන සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.
සේරුනුවර පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

