බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබෙනවා.
ඒ අනුව, ඔහු පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත මෙලෙස මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.
පාතාල ක්‍රියා මර්දනයට බස්නාහිර පළාත්, උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය කාලයේ මෙහෙයුම් රැසක් දියත් කළ අතර මීට පෙර එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ද වලාන දූෂණ මර්දන ඒකකය වෙත මාරුකර යැවුණා.

