30 C
Colombo
Tuesday, October 7, 2025

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් බන්ධනාගාරගත කෙරේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන බැකෝ සමන් යන අයගේ බිරිද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (18)යළි ඉදිරිපත් කෙරුණා.

එහිදී ශාධිකා ලක්ෂානි යන අය දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ලබන 25 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එහිදී විමර්ෂණ නිලධාරීන් පැවසුවේ සැකකාරියට අයත් විදේශ බැංකු ගිණුම් හතරක් පිළිබඳ තොරතුරු හෙළිවු බවත් ඒ පිළිබඳ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ වාර්තා මෙතෙක් ලැබී නැති බවත් ය.

සැකකාරිය භාරයේ තිබූ රන් ආලේපිත භාණ්ඩ පිළිබඳ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තා ද ලැබී නැති බවත් තවදුරටත් සඳහන් කර ඇත.

ඇයට මත්ද්‍රව්‍ය චෝදනා තිබේ ද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ෂණ සිදුකරන බවද එම නිලධාරීන් පැවසුවා.

සැකකාරියගේ ප්‍රකාශවලින් හෙළිවු කරුණු වලට අනුව ඔවුන් පදිංචිව සිටි  ප්‍රදේශවලට ගොස් විමර්ශන සිදුකිරීමට නියමිතව තිබෙන බව ද නිලධාරීන් සඳහන් කළා.

මීළඟ නඩු දින සැකකාරිකයට එරෙහි විමර්ශනවල සාක්ෂි සම්පින්ඩනයක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.

එවැනි වාර්තාවක් ඉදිරිපත් නොවුනොත් සැකකාරිය මුදා හැරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට සිදුවන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

මීළඟ නඩු දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා පෞද්ගලිකවත් අධිකරණයට සහාය වීම සඳහා රජයේ නීතිඥවරයෙකුත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ද නියෝග කෙරුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles