30 C
Colombo
Tuesday, October 7, 2025

ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 24 ක්, නායක Rashid Khan ලකුණු 24 ක්, Sediqullah Atal ලකුණු 18 ක්, Mohammad Nabi ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 4 ක්, දුෂ්මන්ත චමීර, දසුන් ශානක හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 170 ක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles