30 C
Colombo
Tuesday, October 7, 2025

මාධ්‍යවේදියාගෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට මිලියන 750ක හරස් එන්තරවාසියක්

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ රුපියල් කෝටි 30ට අධික අයථා වත්කම් පිළිබඳ විශේෂ හෙළිදරව්වවක් සිදුකළ මාධ්‍යවේදී බිමල් රුහුණගේ හට වැරැදි තොරතුරු ඉදිරිපත් කරමින් ද්වේෂ සහගත ලෙස කටයුතු කළ බවට මිලියන 500ක වන්දියක් ඉල්ලා යොමුකළ එන්තරවාසියකට මිලියන 750ක හරස් එන්තරවාසියක් යොමුකිරීමට ) මාධ්‍යවේදි බිමල් රුහුණගේ ඔහුගේ නීතිීඥයකු ලවා අද (18) කටයුතු කළා.

අදාළ හරස් එන්තරවාසියෙන් පෙන්වා දෙන්නේ මාධ්‍යවේදී බිමල් රුහුණගේ විසින් කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ල ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් ලෙස හෙළිකරගන්නා කරුණු මත පදනම්ව ඔහු ඔහුගේ වෘත්තිය මත කටයුතු කරමින් සිදු කර ඇති බවයි.

එබැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්ස්රි ජයලත් බිමල් රුහුණගේ හට මේ සිද්ධියට නඩු පැවරුවහොත් රුපියල් මිලියන750ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීමට කටයුතු කරන බවද මාධ්‍යවේදී බිමල් රුහුණගේ විසින් යොමු කරන ලද හරස් එන්තරවාසිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles