ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 24 ක්, නායක Rashid Khan ලකුණු 24 ක්, Sediqullah Atal ලකුණු 18 ක්, Mohammad Nabi ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් වුනා.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 4 ක්, දුෂ්මන්ත චමීර, දසුන් ශානක හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනතිත් පෙරේරා ලකුණු 28 ක් හා නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් ලබාගත්තා.
එයත් සමඟ මූලික වටයේ තරග 3 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ B කාණ්ඩයේ පෙරමුණ ලබාගෙන ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.