25 C
Colombo
Friday, June 5, 2026

GR 11 සහල් ප්‍රභේදය ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබේ.

පසුගිය (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස පොන්නි සම්බා සහ කීරි/පාල් පොන්නි සහල් ඇතුළුව GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් මෙට්‍රික්ටොන් 1,040ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය.

ඒ අනුව ඕනෑම ආනයනකරුවෙකුට පසුගිය අප්‍රේල් පළමුවැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ ආනයනය කිරීමටත් එම සහල් තොග මැයි මස 31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.

ආනයනය කරන එකී සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන්, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේන් නිදහස් කිරීමටත් අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් මෙලෙස නිකුත් කර ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ යාවාත්කාලීන තොරතුරු මත පදනම්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විසින් 2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා මුළු නිෂ්පාදනය මෙරට එම සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් 2026 මැයි මාසයේ සිට එම සහල්වල උග්‍ර හිඟයක් ඇතිවිය හැකි බවටත් පෙන්වා දී තිබුණි.

ඒ අනුව ස්ථාවර මිලක් සහිතව සම්බා සහ කීරි සම්බාවලට වෙළෙඳපොළෙහි පවතින ඉල්ලුම සපුරාලීම පිණිස එම සහල් වර්ගවලට සමාන ඉහත සඳහන් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාව ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේද අවධානයට යොමුව ඇත.

ඒ අනුව එම සහල් ප්‍රභේදය ගෙන්වීම සඳහා වූ ගැසට් නිවේදනය මෙලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles