25 C
Colombo
Friday, June 5, 2026

මාස 15ට GMOA ඉල්ලීම් ඉල්ලා වර්ජන 14ක් කරලා

විවිධ ඉල්ලීම් හා කරුණු පදනම් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2025 වසරේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා මාස 15ක කාලයේදී වැඩ වර්ජන 14ක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ.

මේ වැඩවර්ජන හේතුවෙන් රෝගීහු දැඩි අපහසුතාවන්ට ලක් වූ අතර මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෙරෙහි ඔවුහු දැඩි අප්‍රසාදය පළ කරනු දක්නට ලැබිණි. මෙම වර්ජන ප්‍රාදේශීය වශයෙන් සහ දීපව්‍යාප්ත මට්ටමෙන් ක්‍රියාත්මක වී තිබුණු අතර මේ නිසා ප්‍රාදේශීය රෝහල්වල කටයුතුද අඩාළ වී තිබේ.

2025 – 2026 වෛද්‍ය වර්ජන දිනපොත

01. 2025 ජනවාරි 15 – දීපව්‍යාප්ත වර්ජනය (පැය 24)

DAT දීමනාව ගෙවීමේ ප්‍රමාදය සහ වැටුප් විෂමතා

02. 2025 පෙබරවාරි 10

බදුල්ල රෝහලේ වර්ජනය (ඌව පළාත)

බදුල්ල රෝහලේ වෛද්‍යවරුන්ට එල්ල වූ පරිපාලන පීඩනය හේතුකරගෙන

03. 2025 මාර්තු 12දීපව්‍යාප්ත වර්ජනය (සංකේත)

නව බදු ප්‍රතිපත්තියට (PAYE Tax) එරෙහිව.

04. 2025 අප්‍රේල් 22

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වර්ජනය (උතුරුමැද)

රෝහලේ පවතින උග්‍ර ඖෂධ හිඟය හේතු කරගෙන

05- 2025 මැයි 20 – 21 දීපව්‍යාප්ත වර්ජනය (අඛණ්ඩ)

වාර්ෂික ස්ථානමාරු පටිපාටියට විරෝධය දක්වා

06. 2025 ජූනි 15 හදිසි සංකේත වර්ජනය සෞඛ්‍ය ලේකම්වරයාගේ ඇතැම් තීරණවලට විරෝධය පෑම.

07. 2025 ජූලි 08 දීපව්‍යාප්ත වර්ජනය

(පැය 24)

රෝහල් පද්ධතියේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය

08. 2025 සැප්තැම්බර් 03 දීපව්‍යාප්ත වර්ජනය

(පැය 24)

පශ්චාද් උපාධිධාරී පත්වීම්වල කුසලතා ලැයිස්තුව උල්ලංඝනය කිරීම.

09. 2025 ඔක්තෝබර් 29 කරාපිටිය රෝහලේ වර්ජනය (දකුණු පළාත) රෝහලේ පරිපාලනමය ගැටලු.

10. 2025 නොවැම්බර් 18 දීපව්‍යාප්ත වර්ජනය

අය වැය මඟින් සෞඛ්‍ය ප්‍රතිපාදන කප්පාදු කිරීමට විරෝධය පෑම.

11. 2026 ජනවාරි 22 දීපව්‍යාප්ත වර්ජනය (පැය 24)

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස 60 දක්වා ස්ථාවර නොකිරීමට විරෝධය දක්වා

12. 2026 පෙබරවාරි 10 – 12 (දීපව්‍යාප්ත වර්ජනය)

දිස්ත්‍රික් මට්ටමින් වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බල කරමින්.

13. 2026 මාර්තු 25දීපව්‍යාප්ත (සංකේත) සෞඛ්‍ය සේවයේ වෘත්තීය ස්වාධීනත්වයට එල්ල වූ බලපෑම්.

14. 2026 අප්‍රේල් 01 – 02 දීපව්‍යාප්ත (අඛණ්ඩ)දුෂ්කර රෝහල් ලැයිස්තුව සංශෝධනය කිරීම.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles