25 C
Colombo
Friday, June 5, 2026

නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළෙහි මෙහෙයුම් කටයුතු හෙට ඇරඹේ

පර්යන්ත දෙකකින් සමන්විත එහි නවීකරණ කටයුතු රුපියල් මිලියන 424 ක මූල්‍ය පිරිවැයක වියදමින් සිදුකෙරේ.

බිම් මහළ බස් නැවතුම් අංගනය ලෙසත් දෙවන මහළ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර සදහාත්, තුන්වන මහළ පරිපාලන හා මෙහෙයුම් සේවා සදහාත් යොදා ගත හැකි පරිදි පහසුකම් වැඩි දියුණු කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න මහතා සදහන් කළේ අලුත් අවුරුදු ප්‍රවාහන සේවා ලබන 09 වන බ්‍රහස්පතින්දා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

ඒ සදහා අතිරේක බස් රථ 1500 ක් පමණ යොදවා ඇති බවත් එහිදිී කොළඹ, මධ්‍යම බස් නැවතුම්පලේ සිට හැටන්, බදුල්ල, මහනුවර, බණ්ඩාරවෙල, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය, හලාවත හා පුත්තලම ආදී ගමනාන්ත රැසකට බස් රථ ධාවන සැලසුම් ක්‍රියාත්මක බවද සභාපතිවරයා පැවසීය.

මීට අමතරව, අධිවේගී මාර්ග ආශ්‍රීතව ද ශ්‍රී ලංගම විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක අතර, එහිදී ගාල්ල සහ මාතර ගමනාන්ත වෙත ප්‍රමුඛස්ථානය ලබාදී තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවද අලුත් අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබන සතියේ ආරම්භ කිරීමටය සැලසුම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles