25 C
Colombo
Friday, June 5, 2026

ඉරානයත් සටන් විරාමයට එකඟවෙයි – සති දෙකකට හෝර්මූස් හරහා ගමන ආරක්ෂිතයි

ඉරානය සමූලඝාතනය කරන බවට එල්ල වන තර්ජනවලින් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඉවත් වී ඇති අතර ටෙහෙරානයෙන් කරුණු 10 ක යෝජනාවක් ලැබීමෙන් පසු සති දෙකක සටන් විරාමයකට එකඟ වී තිබෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘සම්පූර්ණ ශිෂ්ටාචාරයක්ම’ මිය යනු ඇතැයි ඔහු ප්‍රකාශ කළ අවසාන මොහොතට පැය දෙකකටත් අඩු කාලයකට පෙර මෙම නිවේදනය නිකුත්ව තිබේ.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ පණිවිඩයක ට්‍රම්ප් ලිව්වේ, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සමඟ කළ සංවාදවලින් පසුව, ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාරය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට එකඟ වූ බවයි. මෙම සටන් විරාමය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණ, ක්ෂණික සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරාන ඉස්ලාමීය ජනරජයේ එකඟතාවයට යටත්ව බව ඔහු පවසයි.

ඉරානය කරුණු දහයකින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය සාකච්ඡා කිරීමට ක්‍රියාත්මක කළ හැකි පදනමක් යැයි තමා විශ්වාස කරන බවත් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත. අතීත මතභේදයේ විවිධ කරුණු සියල්ලම පාහේ සම්බන්ධයෙන් දැනටමත් එකඟතාවයකට පැමිණ ඇති බව ඔහු කියා සිටියද, එය විස්තර කළේ නැති බව මාධ්‍ය වාර්තා කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles