ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද (08) විවෘත කෙරුණා.
පර්යන්ත දෙකකින් සමන්විත එහි නවීකරණ කටයුතු රුපියල් මිලියන 424ක මූල්‍ය පිරිවැයක වියදමින් සිදු කෙරෙනවා.
බිම් මහළ බස් නැවතුම් අංගනය ලෙසත් දෙවන මහළ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර සදහාත්, තුන්වන මහළ පරිපාලන හා මෙහෙයුම් සේවා සඳහාත් යොදා ගත හැකි පරිදි පහසුකම් වැඩි දියුණු කර තිබෙනවා.

