එළඹෙන උත්සව සමය හේතුවෙන් හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබාදීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමගම විසින් එම අධිකාරියට දැනුම් දී ඇති බවයි එහි සභාපති හේමන්ත සමරකෝන් කියා සිටියේ.
හම්බන්තොට වරායට ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් රැගත් නෞකාවක් පසුගිය 6 වැනිදා පැමිණි බව ලාෆ්ස් ගෑස් සමාගම පසුගිය දා නිවේදනය කළ අතර, ඒ අනුව බෙදා හැරීමේ කටයුතු සිදුවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

