අද (09) පෙරවරු 8:00 සිට දීපව්‍යාප්ත වර්ජනයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රකාශයට පත් කළ ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මේ ක්‍රියාමාර්ගය ගන්නා බවයි සඳහන්.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයැදුම් කරන ලද නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙක් සඳහා ඔවුන්ගේ නව සේවා ස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඊයේ (08) ප්‍රකාශයට පත් කළා.

