25 C
Colombo
Friday, June 5, 2026

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් 182ක් ජීවිතක්ෂයට

ලෙබනනයේ බීරූට් අගනුවර ඇතුළු රටේ විවිධ ප්‍රදේශවලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 182 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 890 දෙනෙකු තුවාල ලබා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 

මියගිය පිරිස වෙනුවෙන් බ්‍රහස්පතින්දා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද ලෙබනන රජය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ඉරානය සමඟ ඇති කරගත් තාවකාලික සටන් විරාමයට හිස්බුල්ලා සංවිධානය ඇතුළත් නොවන බවත්, ඔවුන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත් ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළ අතර, අවශ්‍ය වුවහොත් ඉරානය සමඟ නැවත ගැටුම් ආරම්භ කිරීමට ඊශ්‍රායලය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඉරානයට සෘජු සම්බන්ධයක් නැති ලෙබනනය සම්බන්ධ ගැටුමක් හේතුවෙන් සාකච්ඡා බිඳ වැටීමට ඉඩ දෙන්නේ නම්, එය ඉරානය ගන්නා අනුවණ තීරණයක් වනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles